ස්පුට්නික්-2IqcFfVt UX0g4USL ina 067mOox Ye

ස්පුට්නික්-2 චන්ද්‍රිකාවේ ආකෘතියක්

පෘථිවිය වටා කක්ෂ ගැන්වූ දෙවන කෘත්‍රිම උපග්‍රහයා ස්පුට්නික්-2 යී. එමෙන් ම මෙය ජීවියෙකු අභ්‍යවකාශයට රැගෙන ගිය ප්‍රථම අභ්‍යවකාශ යානය ද වෙයි. ඒ ලයිකා නම් බැල්ලකි. ස්පුට්නික්-2 ගුවන් ගැන්වුණේ 1957 නොවැම්බර් 3 දා, එනම් ප්‍රථම කාත්‍රිම උපග්‍රහයා වන ස්පුට්නික්-1 ගුවන් ගන්වා මාසයකට පසු යි. සෝවියට් සංගමය ඒ වන විටත් සුනඛයන් නවදෙනෙක් R-1 හා R-5 වැනි රොකට්ටු ආධාරයෙන් ප්‍රාක්ෂේප පථවල ගුවන් ගන්වා පරීක්ෂණ ගණනාවක් පවත්වා තිබූ බැවින් සමහර අයෙක් විශ්වාස කරන පරිදි ස්පුට්නික්-2 මසක් තුළ නිර්මාණය කර අභ්‍යවකාශගැන්වූවක් නොවේ.

ස්පුට්නික්-2 චන්ද්‍රිකාව සිය වාහක රොකට්ටුවේ දෙවන අවස්ථාවෙන් වෙන් වීමට සැලසුම් කර නොතිබිණ. එම නිසා අභ්‍යවකාශයේ රැඳුණු පස් මසක කාලය තුළ ස්පුට්නික්-2 පෘථිවිය වටා පරිභ්‍රමණය වූයේ වාහක රොකට්ටුව හා එකට සම්බන්ධව ය.

අවාසනාවකට මෙන් මෙහි ගමන් කළ ජීවියා නැවත නිරුපද්‍රිතව නැවත පොළොවට ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකසා නොතිබුණි. තවද, 2002 වසරේ දී අනාවරණය වූ කරුණු අනුව ස්පුට්නික්-2 ගුවන් ගතකර පැය කිහිපයක් ඇතුළත අධික උණුසුම හා ආතතියත් වාතය අැණහිටිම හේතුවෙන් ලයිකා බැල්ල මිය ගොස් ඇත. අැය ගමන් ගත් ස්පුට්නික් - 2 නම් වු යානය 1958 අප්‍රේල් 14 දින පෘථීවි වායුගොලයට නැවත අැතුලු වී ගිනිගෙන විනාශ විය. මෙසේ අනාරක්ෂිතව ජීවියකු අභ්‍යවකාශ ගැන්වීම එකල මෙන් ම මෑතක දී ද සත්ත්ව හිංසන විරෝධීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

නිමැවුම[සංස්කරණය]

ස්පුට්නික්-2 කේතුවක හැඩගත් මීටර් 2 ක උච්චයකින් (උසකින්) ද ආධාරක විෂ්කම්භය මීටර් 2 කින් ද යුක්ත වූ චන්ද්‍රිකාවකි. එහි ස්කන්ධය කිලෝග්රෑම් 508.3 ක් විය. මූලික වශයෙන් එකිනෙකින් වෙන්වූ කොටස් තුනකින් එය සමන්විත විය.

(1) ජීවි කුටිය: ස්පුට්නික්-2 හි මධ්‍යගතය වූ මෙය වායුරෝධිත ලෙස සංමුද්‍රණය කළ හැකිවූ, ඇලුමිනියම් සිලින්ඩරයකි. එය දිගින් සෙන්ටිමීටර් 80 කින් හා විෂ්කම්භය සෙන්ටිමීටර් 64 කින් යුක්ත විය. මෙම කුටිය චන්ද්‍රිකාවේ පහළින් ම පිහිටි කොටස විය. මෙහි ගමන් ගන්නා සුනඛයා ආසනයක රඳවා, එය මෙම කුටියට ඇතුල් කරන ලදි. කුටි පියනෙහි කුඩා කවුළුවක් ද විය.

කුටිය තුළ උෂ්ණත්වය හා පීඩනය මැනීම පිණිස සංවේදක සවි කර තිබුණි. එමෙන් ම සුනඛයාගේ රුධිර පීඩනය, හෘද ස්පන්දනය සහ ශ්වසන සීඝ්‍රතාව මැනීම පිණිස ද සංවේදක යොදා ගැනිණ. මෙමඟින් ජීවියකු අභ්‍යවකාශයේ ක්‍රියාකාරී වන ආකාරය නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයනට හැකිවිය. කුටිය තුළ ඔක්සිජන් වායුව නිපදවීමට සහ කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගැනීමට ක්ෂාරීය සංයෝග යොදා ගැනිණ. සංවාතනය සහ සුනඛයාගේ ශරීරය සිසිල්ව තබා ගැනීම පිණිස පංකාවක් ද කුටිය තුළ තිබිණ.

සුනඛයාට ආහාර දීම සඳහා පටියක් මෙන් එකට ඈඳුණු කුඩා බන්දේසි පෙළක් තිබිණ. ජල්ලි ආකාරයෙන් වූ ආහාර සහ ජලය ඒවායේ තබා තිබිණ. මේ යන්ත්‍රණය සකසා තිබුණේ සෑම දිනකම සුනඛයා ඉදිරියේ නව බන්දේසියක් විවෘත වන ආකාරයටය. දිනකට ඇවැසි ආහාර හා ජලය මෙසේ සැපයුණු අතර දින 20 කට සෑහෙන ආහාර ප්‍රමාණයක් චන්ද්‍රිකාව තුළ තිබිණ.

(2) සම්ප්‍රේෂණ බහාලුම: ජීවි කුටියට ඉහළින් ඇලුමිනියම්වලින් තැනූ ගෝලාකාර බහාලුමක රේඩියෝ සම්ප්‍රේෂකයක් තිබුණි. මෙය අන් කිසිවක් නොව, ස්පුට්නික්-1 සමඟ ම නිර්මාණය කෙරුණු PS-2 නම් අතිරේක චන්ද්‍රිකාව යි. මෙය ද ස්පුට්නික්-1 මෙන් 20.005 MHz සහ 40.002 MHz යන වාහක තරංග නිකුත් කළේ ය.

(3) උපකරණ ඇසුරුම: ස්පුට්නික්-2 චන්ද්‍රිකාවේ මුදුනින් ම පිහිටියේ සැටැහුම් උපකරණ කට්ටළයක් අන්තර්ගත ඇසුරුමකි. මෙම උපකරණවලින් හිරුගෙන් නිකුත් වන පාරජම්බූල හා X-කිරණ තීව්‍රතාව මෙන් ම, අභ්‍යවකාශයේ අන්තරීක්ෂ කිරණ තීව්‍රතාව ද මනින ලදි.

මෙම කොටස් තුන එක-උඩ-එක පිහිටන ආකාරයට රඳවන ලද්දේ විශේෂ කේතු ආකාර කාප්පයක් ආධාරයෙනි. චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට පිවිසෙන තෙක් එය ආරක්ෂා කිරීමට නාස් කේතුවක් තිබිණ. ඉන්පසු චන්ද්‍රිකාව නිරාවරණය කිරීම පිණිස එය ඉවත ලන ලදි.



Popular posts from this blog

কানাই বৰশী বোৱা শিলালিপিrcj Hl390k MHS 3Ggs6KReu eEW

অসম ইতিহাসৰ আদিযুগৰ তাম্ৰ আৰু শিলালিপিৰ তালিকাd E Vvu RD12qCcg H F OmNmt Mdt

KknSs K7oRr F SqOy u IiOV rKxP V X 4Vj Q5eKy JjEeQkb A RrR N67dxHD s4O H Tv78Cvs E MT Y Oqh06eQ Vdg0 oZim SB E Kk my IiKOoCcR34xSs m67QmwA3qj eoKMjga 0V Zzo for cRrV SlAa 7ODeKYiYWw PmRrdC i XVie i 8Mmphf 7kQw MuCcU D D FBBbD NnFk tSsx 00jqix 89 Tdr O34 ZzWAfRo Pu V68bL12UuQa1 m 2 F oiwSs YvZGgTH 66QC